fbpx
අමතන්න: 0773777666 / 0771777666

ඇමතුම් මධ්‍යස්ථාන විකුණුම් නිලධාරී

ඇමතුම් මධ්‍යස්ථාන විකුණුම් නිළධාරින් BIMA හි සාර්ථකත්වයට අතිශයින් වැදගත් වේ. ඔවුන් පළමු වරට අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වී විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දෙයි.

 

ඔවුන් පාරිබෝගිකයින් සමග දුරකතනයෙන් සම්බන්ධ වී ප්‍රතිලාභ පැහැදිලි කර, නිෂ්පාදන සහ සේවාවන් අලවි කිරීම සිදු කරයි.

 

ඇමතුම් මධ්‍යස්ථාන විකුණුම් නිළධාරින්, ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ද වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගනිමින් ඔවුන් ලබා ගැනීමට කැමති ආකාරයේ BIMA හි නිෂ්පාදන, සේවාවන්, විසදුම් සැපයීම සිදු කරයි.

 

BIMA ඇමතුම් මධ්‍යස්ථානයේ විකුණුම් නියෝජිතයෙකු වීමට ඔබ අලවිකරණය සදහා කැමත්තක් දැක්විය යුතුය. එසේම ඔබ විශිෂ්ට පාරිබෝගික සේවාවක් ලබා දිම සිදුකල යුතුය.

 

 

ඔබට අපගේ ඇමතුම් මධ්‍යස්ථාන රැකියාව සමග සම්බන්ද වීමෙන්……

මුලික වැටුප් සහ කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරි දීමනා,

කඩිනම් වෘත්තීයමය දියුණුවක්,

සති අන්ත දෙදින නිවාඩු,

සුහදශීලි වැඩ පරිසරයක්,

කුසලතා සංවර්ධනය සදහා පුහුණුවක් ලබාගත හැක.

එසේම රාත්‍රී වැඩ මුර නැත

 

 

කාර්යභාරයන් සහ වගකීම්

 

1. BIMA නිෂ්පාදන, සේවාවන් හා අලෙවික්‍රම පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීම. නිෂ්පාදනවල සහ සේවාවල වෙනස්කම් සමඟ යාවත්කාලීනව සිටිමින් පාරිබෝගිකයාට මනා සේවාවක් සැපයීම.

2. BIMA හි නිෂ්පාදන සහ සේවාවන් අලෙවිකිරීම සඳහා පාරිබෝගිකයින් සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඒ පිලිබඳ ඔවුන් දැනුවත් කිරීම.

3. පළමුව පාරිභෝගිකයාගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයට උචිත ආකාරයේ නිෂ්පාදන සේවා සැපයීම සිදු කිරීම.

4. පාරිබෝගික ගනුදෙනු සිදු කරන විටදී BIMA හි වෘත්තීයභාවය, සේවාවන්හි ගුණාත්මකභාවය සහ හැසිරීම පිළිබඳ ප්‍රමිතීන් ඒ අයුරින් පවත්වගනිමින් විකුණුම් සහ වෙනත් ඉලක්ක සපුරා ගැනීම

5. BIMA හි තොරතුරු තාක්ෂණ මෙවලම් සහ පද්ධති භාවිතා කරමින් ගනුදෙනු නිවැරදිව සටහන් කිරීම.

6. BIMA හි නිෂ්පාදන, සේවා, ප්‍රතිපත්ති සහ නවතම තොරතුරු යාවත්කාලීනව තබා ගනිමින් ගනුදෙනුකරුවන්ට ඉහළම ගුණාත්මක සේවාවක් සැපයීම

7. පාරිබෝගිකයින් විසින් කරුණු විමසීමක් කල අවස්ථාවන් වල කාර්යක්ෂමව හා වෘත්තීයමය අයුරින් හසුරුවමින් නිසි විසදුම් ලබා දීම.

8. සමාගමේ ව්‍යාපාරික චර්යාධර්ම පද්ධතිය, ආයතනික ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සහ ව්‍යවස්ථාපිත අවශ්‍යතා සදහා අනුගත වෙමින් ක්‍රියා කිරීම.

8. විශේෂයෙන් කණ්ඩායම් රැස්වීම් වලදී ක්ෂණිකව කණ්ඩායමට ක්‍රියාකාරීව දායක වෙමින් දැනුම වර්දනය කර ගැනීම තුලින්,රැකියාවේ වර්නධය සදහා උත්සහ කිරීම.

 

අවශ්‍ය වන නිපුණතා සහ පළපුරුද්ද

 

1. අ.පො.ස. (සා.පෙළ) ගණිතය සහ භාෂා විෂයයන් ඇතුළුව සමර්ථ වීම

2. අවම වශයෙන් අවුරුද්දක අලෙවිකරණ සේවා පළපුරුද්ද

3. අලෙවි ඉලක්ක සපුරා ගැනීම උදෙසා කැමැත්තක් දැක්විය යුතු අතරම පීඩනයක් යටතේ වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුය.

4. කණ්ඩායම් හැගීමෙන් වැඩ කිරීමේ හැකියාව සහ තම වැඩ කටයුතු වගකිමකින් සිදු කල යුතු වේ.

5. නව කුසලතා/ නිපුණතා සහ තොරතුරු ඉක්මනින් ඉගෙන ගැනීම. ඉගෙනීමට ප්‍රිය විය යුතුය

6. හොඳ මූලික පරිගණක කුසලතාවයක් සහ නව මෙවලම් හා තාක්ෂණය ඉගෙනීමේ හැකියාව

7. ගනුදෙනුකරුවන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වන අවස්ථාවේදීම පරිගණකය භාවිතා කිරීමට හැකි වීම.

8. හොඳ කාල කළමනාකරණය. වෙලාවට වැඩ කළ යුතු අතර හොඳ ස්වයං සංවිධානයක් තිබිය යුතුය.

9. විශිෂ්ට සන්නිවේදනය,සවන්දීමේ කුසලතාවය සහ සහයෝගීතාව ගොඩනගා ගත හැකි වීම.

10. ගනුදෙනුකරුවන් සමඟ ඉක්මනින් සබඳතාවය ගොඩ නගා ගැනීමේ හැකියාව. ගනුදෙනු කිරීමේදී ධනාත්මක ආකල්ප පෙන්වීම, ඉවසීමෙන් පාරිබෝගිකයා හැසිරවීම සහ නොපසුබට උත්සාහය ඒත්තු ගැන්වීම.

11. දුෂ්කර අවස්ථාවන්හිදී අන් අය සමඟ කටයුතු කිරීමට හැකි විය යුතුය. උදා. පැමිණිලි හෝ විරෝධතා සන්සුන්ව හැසිරවීම

12. සිංහල භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව

වෙබ් අඩවිය   https://www.bima.lk
රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666